Home අද හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධව ඇගයීම් වාර්තාවක් කැබිනෙට්ටුවට

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධව ඇගයීම් වාර්තාවක් කැබිනෙට්ටුවට

15
0

හිටපු ජනාධිපතිවරුන් වෙත දැනට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධව ඇගයීම් වාර්තාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙම වාර්තාව සකස් කර තිබේ

මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය තුළ පුළුල් ලෙස සාකච්ඡා කර දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති භට පිරිස් අඩු කරනවාද? නැද්ද? යන්න පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිවරුන් වෙත සපයා ඇති ආරක්ෂක භට පිරිස අඩු කළ යුතු බවට වන කතිකාවක් පසුගිය කාලය තුළ ඇතිව තිබිණි.

Previous articleකමලාද? ට්‍රම්ප් ද? මිලියන 186.5 කගේ තීරණය දෙස ලොවම විමසිල්ලෙන්
Next articleවිජය ඝාතනය කළ පරිදිම, මා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද? – චන්ද්‍රිකා රවී සෙනෙවිරත්නට ලියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here