Home අද වසර දෙකකින් වැටුණු ආර්ථිකයක් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි – ජනපති

වසර දෙකකින් වැටුණු ආර්ථිකයක් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි – ජනපති

482
0

රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “දියවර දිරිය” ජාතික ධීවර සම්මේලනය අමතමින් මේ බව කියා සිටියා.

රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ර‍ටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

May be an image of 5 people, dais and text

දිවයින පුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

May be an image of one or more people and crowd

May be an image of one or more people, people studying and crowd

Previous articleමහින්දලාගේ හොර රැළ ඇතුලේ මම හොරෙක් නොවී ලස්සනට හිටියා – ඩලස්
Next articleඅනුර සුබ මොහොතින් නාමයෝජනා අත්සන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here