Home අද ෆොන්සේකා ‌ඉවත් කිරීමට ‌සජබෙන් මෙහෙයුමක්

ෆොන්සේකා ‌ඉවත් කිරීමට ‌සජබෙන් මෙහෙයුමක්

929
0

සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය පක්ෂයෙන් ඉවත්වීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.

පක්ෂ නායකත්වය ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති නොකැමැත්ත මත ෆොන්සේකා මහතා මෙලෙස පක්ෂයෙන් ඉවත්වීමට සැලසුම්කර ඇති අතර මේ පිළිබඳ දැඩි විවේචනද පසුගිය දිනවල ඔහු විසින් සිදුකරන ලදී.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කිරීම මෙයට ආසන්නතම උදාහරණය වේ.

කෙසේවෙතත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත්වීමේදී සමගි ජනබල වේගයට සිදුවන කැලල වසා ගැනීමට ඊට පෙර   සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ   ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලැබී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවද පක්ෂයේ ජේෂ්ඨයෙක්  සඳහන් කළේය.

මේ අතර සමගි ජනබල වේගයේ තවත් පිරිසක් ඉවත්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Previous articleඅපේ අය කටවල් පරිස්සම් කරගෙන ඉන්න ඕන – හරිනි අමරසූරිය
Next articleහිරුණිකා වරදකරු වෙයි – වසර 3ක සිර දඬුවමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here