Home අද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලුම ණය හිමි රටවල් එකඟත්වය පළකරයි.!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලුම ණය හිමි රටවල් එකඟත්වය පළකරයි.!

2259
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණයහිමි කමිටුව විසින් තහවුරු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සියලු ම නිල ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදය විසඳීමේ ප්‍රධාන පියවරක් ද වන බවයි. මීට පෙර චීන එක්සිම් බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පළ කළේ ය.

නිල ණයහිමි කමිටුව විසින් එකඟතාවය ලබාදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාර්කය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇති කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමගින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව  වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙනු ඇත.

 

මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් වන අතර තවදුරටත් ශ්‍රි ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසාර ආර්ථික වර්ධනය ළගාකර ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවයි සේමසිංහ මහතා සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාව සිය මූල්‍ය උපදේශකයින් මගින්  ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයකට පැමිණීම සඳහා බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ද අඛණ්ඩව කටයුතු කරනු ඇති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරසිටියි.

Previous articleලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් යළි ශ්‍රී ලංකාවට  
Next articleජනපති අද ඩුබායි යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here