විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස යෝජනාවක් අද(24දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකෝප කිරීම යන චෝදනා මත එලෙස සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස ප්‍රේමනාත් දොළවත්ත මහතා මෙම යෝජනාව ඉදිපත් කළේය.
අයවැය විවාද පැවැත්වෙන මෙම කාලසීමාව තුළ විපක්ෂ නායකවරයා විවිධ වචන භාවිතා කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා කරන අවස්ථා කිහිපයකදීම අයුරු දක්නට ලැබිණි.