Home අද ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක සුබසාධන ආධාර

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක සුබසාධන ආධාර

851
0

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක මුදලක් ජූනි 28 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට ඉඩ ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලබන වසරේ ආර්ථිකය නැවත වර්ධනය වීම ආරම්භ වීමට පෙර මේ වසරේ 2% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජය ඇස්තමේන්තු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත අවම මට්ටමකට පැමිණීම හේතුවෙන් පසු ගිය වසරේ වාර්තාගත ලෙස 7.8% හැකිලීමට ලක්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් අනුමත කර ඇති අතර, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

යෝජිත ලෝක බැංකු අරමුදල්වලින් ඩොලර් මිලියන 500ක් අයවැය ආධාර සඳහා වන අතර එය ඩොලර් මිලියන 250 බැගින් වූ කොටස් දෙකකින් ලැබෙන බව ලෝක බැංකුවේ මූලාශ්‍රයක් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සහ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMF වැඩසටහනේ පළමු සමාලෝචනය ලෝක බැංකුව නිරීක්ෂණය කිරීමට නියමිත බැවින්, ඩොලර් මිලියන 250ක පළමු වාරිකය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් පසු ඔක්තෝම්බර් මාසයේදී ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

Previous articleඉන්දියාවේ ‘INS Vagir’ දිවයිනට
Next article18 ට වැඩි සැමට මෙන්ම දේශපාලනය පිවිසන සැමටත් බදු ලිපිගොණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here