Home අද පිං සීයාත්, ට්‍රම්ප් සීයාට ලොවෙත් නැති බද්දකින් එකට එක කරයි !

පිං සීයාත්, ට්‍රම්ප් සීයාට ලොවෙත් නැති බද්දකින් එකට එක කරයි !

82
0

අමෙරිකාවට චීන භාණ්ඩ ආනයනයේදී පනවන ලද 144% අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද විශාල බදු වැඩි කිරීමක් කර ඇත.

ඒ අනුව චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා තිබූ තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා තිබේ.

පසුගියදා ඇමරිකාව පැනවූ බදු සදහා ප්‍රතිචාර ලෙස චීනය මෙම නව බදු ඉහල දැමීම සිදු කර ඇත.

මෙම තීරු බදු ඉහළ දැමීම රටවල් දෙක අතර දැනටමත් පවතින වෙළඳ ආතතිය තවදුරටත් උත්සන්න කරන බව විදෙස් විචාරක මතය වී තිබේ.

මෙහිදී එක්සත් ජනපදයේ චෝදනාව වන්නේ චීනය ගෝලීය වෙළඳපොළේ අසාධාරණ භාවිතයක යෙදෙන බවත්, එමගින් එක්සත් ජනපද ආර්ථිකයට හානි සිදුවන බවත්ය.

Previous articleදින 90ක බදු සහන කාලයක් ඇමරිකාව ලබාදුන්නේ අපි කරපු ඉල්ලීමට – ගරු චතුරංග අබේසිංහ
Next articleසතුන්ට වඩා දෝෂ වැඩිවෙලා : රිලා සංගණනය බකල් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here