ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද 44% ක බද්ද සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඉල්ලීම ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් කර තිබූ නිසා සාකච්ඡාවට දින 90ක් කාලයක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ පැවති ජන හමුවක් අමතමින්
විපක්ෂය විසින් පසුගිය සතියේ සිට ඉතාමත් ජවයකින් මෙරට ඇඟලුම් කර්මාන්තශාලා වැසීමට ඉඩ ඇතැයි සිතමින් සිටි බවත් එලෙස බලාසිටියේ ඔවුන් කාලකන්නි බැවින් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට දළඳා ප්‍රදර්ශනයේදී එය වැද ගැනීමට සිදුවන්නේ පෝලිමේ පැමිණීමෙන් බවත් මෙවර කිසිවකුට විශේෂ වරප්‍රසාද නොලැබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා