සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බැවින් තවත් සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුව ඇති බව අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කරයි.
එහිදී වාර්තා වන තොරතුරු අනුව දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු නිවැරදි නොවන බැවින් වෙනත් සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුව තිබේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අඩුපාඩු සහිත සංගණන වාර්තාව නිවැරැදි කිරීමට රිලවා, වඳුරා,
දඬුලේනා සහ මොනරා ආදී සතුන් පිළිබඳව නැවත නියැදි සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි. එසේම දිස්ත්‍රික්ක මට්ටමින් සාම්පල් ලබාගෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණයක් සිදු කිරීමේ සූදානමක් ගැනත් වාර්තා වෙයි.
පසුගියදා දිවයින පුරා පැවැත්වූ සංගණනයේ තොරතුරු හා නව සමීක්ෂණයේ තොරතුරු සංසන්දනය කර නිවැරදි වාර්තාව සකස් කරන බවත් නිර්දේශ සහිත අවසන් වාර්තාව ලබා දීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් වාර්තා වෙයි .