නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ගේ කීර්ති නාමයට හානිවන අන්දමේ ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් ප්‍රචාරය වන බැවින් ඒ පිළිබඳව විමර්ශනය කර ඊට අදාළ පුද්ගලයන් , ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි සම්බන්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ශ්‍රීලංකා පරිගණක අපරාධ අංශය වෙතින් ඉල්ලා තිබේ.
නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ගේ මාධ්‍ය ලේකම් මමීත් දිසානයක විසින් ලිඛිතව මෙම ඉල්ලීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ශ්‍රීලංකා පරිගණක අපරාධ අංශය වෙත අදාළ ඉල්ලීම සිදුකර තිබේ.
අදාළ පැමිණිල්ල සිදුකරමින් මාධ්‍ය ලේකම් පවසන්නේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංගට එරෙහිව මේ ආකාරයේ මාධ්‍ය හැසිරීමක් දැක්වුණු පළමු හෝ දෙවන අවස්ථාව නොවන බවයි.
මේ අතර නියෝජ්‍ය ඇමති චතුරංගගේ මාධ්‍ය ලේකම්ගේ ලිපිය සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් ඇති අතර, ආණ්ඩුව හිතවාදි ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ වෙබ් අඩවි ෆේස්බුක් පිටු නම්කරමින් විමර්ශකයන් ගේ අවධානය යොමුකරවමින් සිටියි.