කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති අතර එහිදී ඔහුට ඇප නිකුත්කර ඇත.
අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති අතර ඒ 2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ය.
හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9 වන සැකකරු ලෙස නම්කර තිබූ අතර වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.