Home අද ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට...

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට !

115
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Previous articleපුංචි ජන්දයේ නව දේශපාලන සංස්කෘතියක් : රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් !
Next articleජම්මු කාශ්මීරයට එල්ලවූ ප්‍රහාරය හෙළාදැක : හිටපු ජනාධිපති රනිල්ගෙන් මෝදි අගමැතිට ලිපියක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here