Home අද ජම්මු කාශ්මීරයට එල්ලවූ ප්‍රහාරය හෙළාදැක : හිටපු ජනාධිපති රනිල්ගෙන් මෝදි අගමැතිට ලිපියක්...

ජම්මු කාශ්මීරයට එල්ලවූ ප්‍රහාරය හෙළාදැක : හිටපු ජනාධිපති රනිල්ගෙන් මෝදි අගමැතිට ලිපියක් !

150
0

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර එල්ල කෙරුණු සාහසික ත්‍රස්ත ප්‍රහාරය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව අවධාරණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.

ප්‍රහාරය පිළිබඳව දැනගත් විගස තමන් බලවත් කණගාටුවට සහ කම්පනයකට පත්වූ බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉන්දීය රජයටත් , ජනතාවටත් , විශේෂයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වල සාමාජිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවත් එහි සඳහන් කර තිබේ.

සාමය පිරි අනාගතයක් ගොඩනැඟීම වෙනුවෙන් මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරිපත් වීම කෙරෙහි විශ්වාසයද සඳහන් කර තිබෙන එම ලිපිය පහත දැක්වෙයි .

No description available.

Previous articleෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට !
Next articleදේශපාලනේ කරලා අපිට එක ඇටි කෙහෙළක්වත් හම්බවෙන්නේ නෑ – ගරු නිලන්ති කොට්ටහච්චි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here