Home අද දෙවරක් රැවටුණු ජනතාව තුන්වෙනි පාරටත් රැවටීමට සූදානම් නෑ : ශ්‍රිලනිප දුමින්ද කියයි...

දෙවරක් රැවටුණු ජනතාව තුන්වෙනි පාරටත් රැවටීමට සූදානම් නෑ : ශ්‍රිලනිප දුමින්ද කියයි !

93
0

වර්තමානයේ තිබෙනුයේ බොරු කියා ලබාගත් ජනාධිපති ධූරයක් සහ බොරුවෙන්ම බලය ලබාගත් ආණ්ඩුවක් බවත් දෙවරක් රැවටුණු ජනතාව තුන්වෙනි පාරටත් රැවටීමට සූදානම් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර ජනාධිපති ධූරය සමඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දුන්නද ආණ්ඩුව මේ වන විට මොනවාද කර තිබෙන්නේ යනුවෙනි ද ප්‍රශ්න කළේය.

බොරු කියමින් සිටීම හැර කිසිවක් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නොමැති බවද ඔහු සඳහන් කර සිටියේ ය.

මැතිවරණ ප්‍රතිඵලයේ ගණන් මිනුම් මේ මොහොතේ නොකියුවද මේ මොහොත වන විට භූමියේ අවශ්‍ය වැඩ කොටස කරමින් සිටින බවද පැවසූ ඒ මහතා ගමේ බලය ආණ්ඩුවට ගත නොහැකි බවද අවධාරණය කළේය

Previous articleපසුගිය සමයේ ජනතාව අලුත් අවුරුද්ද සැමරීමක් හිතන්නේවත් බැරුව හිටියේ – හරිනි
Next articleලාල්කාන්ත NPP අලුත් මන්ත්‍රීවරු දන්නේ නෑ කියපු කතාවට ඇතුලේ කචල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here