Home අද ලංකාවේ රිලව් ලක්ෂ 80ත් පැනලා – සංගණනයෙන් එළිවෙයි

ලංකාවේ රිලව් ලක්ෂ 80ත් පැනලා – සංගණනයෙන් එළිවෙයි

68
0

රට පුරා රිලවුන් ලක්ෂ අසූවකට වැඩි සංඛ්‍යාවක් සිටින බව පසුගියදා සිදුකළ සත්ව සංගණනයේ දී හෙළි කරගෙන ඇත.

කෘෂි භෝගවලට හානි කෙරෙන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් මෙම සංගණනය ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ මෙන්ම වගාබිම් ආශ්‍රිතවත් සිදුකරනු ලැබීය.

සංගණනයට අනුව හෙළි කරගෙන ඇති වඳුරන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතළිහකි.

කෙසේ වෙතත් මෙම සංගණනයේ දත්ත සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

මතුව තිබෙන ගැටලු නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල යළි සත්ව සංගණනය සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය

Previous articleහිටපු ජනාධිපතිට සිතාසි යවයි කියා හිතුවද ? අනුර පුදුමයෙන් අහයි !
Next articleමාලිමාව පරදින පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්නේ නෑ : අනුර ප්‍රසිද්ධියේ කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here