Home අද හිටපු ජනාධිපතිට සිතාසි යවයි කියා හිතුවද ? අනුර පුදුමයෙන් අහයි !

හිටපු ජනාධිපතිට සිතාසි යවයි කියා හිතුවද ? අනුර පුදුමයෙන් අහයි !

81
0

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසියක් යවයි කියා කවදාවත් සිතුවාදැයි ජනාධිපති අනුර කුමාර දිසානයක ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා මෙසේ ජනතාවගෙන් විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය පක්ෂය සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි .

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක දූෂණ චෝදනා සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ඔහුට ප්‍රකාශයක් ගැනීම සඳහා සිතාසි නිකුත්කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා තිබෙන්නේ අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකදී නොව සිදුකරගෙන යන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන බව විචාරක මතය වී තිබේ.

එසේ නම් එය ජනාධිපති අනුර කුමාර දිසානයක ට උදම් ඇනීමට දෙයක් නොව, කිසියම් පුද්ගලයකුගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට සිදුකළ පෙනී සිටීමක් නිසා සිදුවූවක් බව ද විචාරකයන් පෙන්වාදෙයි.

සාමාන්‍යයෙන් වැරදිකරුවන් වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ප්‍රසිද්ධියේ මාධ්‍යට අදහස් දක්වා සිටියේ හේතුවක් නොමැතිව විය නොහැකි බවද විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ මෙකී ප්‍රකාශයත් සමඟ චාමර සම්පත් දසනායක වෙත එල්ලකර ඇති චෝදනාව දුර්වල වනු ඇති බවයි.

Previous articleබොරුවෙන් බලයගත් ආණ්ඩුව මාස 5ට බිලියන 6000ක් ණයට අරගෙන !
Next articleලංකාවේ රිලව් ලක්ෂ 80ත් පැනලා – සංගණනයෙන් එළිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here