Home අද ඉන්දියාව එක්ක ගිවිසුමකට යන්න වුනේ 76 වසරක පාලනයේ වරදින් – අත්සන් කරපු...

ඉන්දියාව එක්ක ගිවිසුමකට යන්න වුනේ 76 වසරක පාලනයේ වරදින් – අත්සන් කරපු ආරක්ෂක ගිවිසුමේ මොකුත් නෑ – ජනපති

716
0

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය තුලදී එකඟතාවයට පැමිණි දෙරට අතර ආරක්ෂක පිවිසුමේ කිසිවක් නැති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ගාල්ලේදී පැවති ජාතික ජක බලවේග ජන රැළියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

දැනටමත් සිදුවෙමින් පවතින කාර්යයන් මේ හරහා යම් විධිමත් බවකට පත්කර ගැනීමටක එකගතාවකට පැමිණ ඇති බවද හෙතෙම පැවසුවේය.

‘දැන් විශාල ආන්දෝලනයකට ලක් කරමින් තිබෙනවා ආරක්ෂක ගිවිසුම ගැන කිසිවක් නෑ.

දැනටමත් සිදුවෙමින් තිබෙන කරුණු. දැනටමත් ඒකාබද්ද මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද පුහුණු තිබෙනවා. අපේ නිලධාරින් ගිහිල්ලා පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පර්යේෂණයක් තිබෙනවා. ඒව විධිමත් කරගැනීම සඳහා අපි එකගතාවයකට ඇවිල්ලා තිබෙනවා.

අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්‍ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණයක හැකියාවන් තියෙන, ආරක්ෂාවට නිපුණතාවන් තියෙන අයගේ සහායක් ලබා ගත යුතුයි. එහෙම නැතුව කොහොමද ඉස්සරහට රටක් කියන්නේ.

අපට එහෙම යන්න පුළුවන්කම තිබුණා හැත්තෑ හය වසරත් මේ රටේ තාක්ෂණික විද්‍යාවේ දියුණුවෙහි පැත්තට ගේන්න මේ පාලකයන් සමත් වුනා නම්” මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.

Previous articleට්‍රම්ප්ගේ බද්ද දින 03 කදී කෝටි 43,537ක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරියි
Next articleදේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත්කරන යෝජනාව අද පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here