වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව සහ නීති විරෝධීව උපයා ගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතා දුරින් ඉවත් කළ යුතු බවට වන යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගියදා භාර දෙන ලදී.
පසුගිය දා රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඒ අනුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට එහිදී තීරණය කෙරිණි.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන එම යෝජනාව විවාදයකින් තොරව සම්මත කර ගැනීමටද තීරණය විය