මහනුවර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා බැතිමතුන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බැවින් හෙට දිනයේ නොපැමිණ වෙනත් දිනයක පැමිණීමෙන් පහසුවෙන් වන්දනා කළ හැකි වනු ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිරි දළදා වන්දනා කිරීම සඳහා අද (22) දිනයේ අසූ දහසක පමණ බැතිමතුන් පිරිසක් පැමිණි බවත් හෙට උදේ වෙනකොට එම පිරිස ලක්‍ෂය ඉක්මවා යනු ඇති බව පොලිසිය පවසයි.
සිරි දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ කළ අතර තවත් දින 04 ක් ප්‍රදර්ශනය පැවැත්වේ.
මේ අනුව ඉදිරි දිනය 04 න් පහසු දිනයක් වෙන් කරගෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමට කාරුණික වන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටි.