Home අද රටම හඬයි ඩෑන් නිහඬයි

රටම හඬයි ඩෑන් නිහඬයි

374
0

අද (22) පස්වරුවේ එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් ඩෑන් ප්‍රියසාද් නැමති අය මියගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට කොළඹ මිතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි “ලක්සඳ නිවාස” සංකීර්ණයේ ඇති ඔහුගේ නිවසේදී අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී මියගොස් ඇත.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි .

ඩෑන් ප්‍රියසාද් දැඩි සිංහල බෞද්ධ මතවාදයක සිට ජාතිකවාදී කඳවුර නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මැදිහත්වීම් සිදුකළ අයෙකි

Previous articleඅහසට වෙඩි : මාතර බන්ධනාගාරයේ උනුසුම් තත්ත්වයක් !
Next articleසහන දෙන්න අවුරුදු 2-3ක් කැපකිරීම් කරන්න : ජනපති රටටම දන්වයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here