Home අද කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

30
0

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ සෙබළුන් දෙදෙනක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01) රාත්‍රියේ අත්අඩංගුවට ගෙනඇත.

මෙම සැකකරුවන් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිට විශ්‍රාම ගොස් සිටින නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි සෙබළුන් දෙදෙනෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 -46 වයස් කාණ්ඩ වලට අයත් වේ.

2008 වසරේ මැයි මාසයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී බරපතල තුවාල සිදුකර තිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර යුද හමුදා සෙබලුන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවේ පසුවන සෙබලුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු මත මෙම සෙබලුම් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුන පරීක්ෂණ ආරම්භ කර තිබේ

Previous articleපෝලිම් වල ඉන්න බෑ – තෙල් නොලැබුනොත් හෙට බස් දුවන්නේ නෑ – ගැමුණු
Next articleසජිත් පක්ෂයේ හයක් හතරක් නොතේරෙන කිහිපදෙනෙක්ගේ සිරකරුවෙක් වෙලා – සජබ අභ්‍යන්තරය දෙදරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here