මූල්‍ය වංචාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු බවට පත්ව පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ ආසනයක වාඩිවී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රසමානික්කම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ඇමතිවරයා පොහොර සංස්ථාවේ සේවය කර ඇති බවත් එලෙස සේවය කරන අතරතුර ඔහු මූල්‍ය වංචාවක් සිදු කිරීම නිසා වැඩ තහනමට ලක් වූ බවත් ඒ මහතා අනාවරණය කළේය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවකට කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ඇමතිවරයා පොහොර සංස්ථාවේ සේවය කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
තමා කිසිවිටකත් පෞද්ගලිකව කිසිවෙකුට මඩ නොගසන නිසා ඔහුගේ නම නොකියන බව පැවසූ මන්ත්‍රීවරයා මූල්‍ය වංචා වලට සම්බන්ධ වූ අය පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇතිවීම සාධාරණ යැයි රාසමානික්කම් මහතා තවදුරටත් පැවසීය