Home අද සජිත් පක්ෂයේ හයක් හතරක් නොතේරෙන කිහිපදෙනෙක්ගේ සිරකරුවෙක් වෙලා – සජබ අභ්‍යන්තරය දෙදරයි

සජිත් පක්ෂයේ හයක් හතරක් නොතේරෙන කිහිපදෙනෙක්ගේ සිරකරුවෙක් වෙලා – සජබ අභ්‍යන්තරය දෙදරයි

56
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණක් යටතේ තරග කිරීම සම්බන්ධව මෙතෙක් සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟත්වයකට පැමිණීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය යුතු බවට සමගි ජන බලවේගයේ බහුතරයක් ප්‍රකාශ කලද කිහිපදෙනෙක් එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා මේ වන විට එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උස්සන්න වී තිබේ.

සමගි ජන බලවේගයේ ප්‍රබලයින් බහුතරයක් පවසන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බැවින් ඒ සඳහා එකඟත්වයකට පැමිණිය යුතු බවයි.

පක්ෂ දෙකෙහි ප්‍රධානීන් අතර පැවති සාකච්ඡා මේ වන විට අවසන් වී තිබෙන අතර ඒ සම්බන්ධව මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟත්වය පළ නොවීම හේතුවෙන් සාකච්ඡා අතරමග ඇනහිට ඇත.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පොදු පෙරමුණකින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොවුනොත් මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිප දෙනෙක් පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දුන් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි පක්ෂයේ වගකීමක් නොදරන කණ්ඩායමක් සජිත් -රනිල් එකතුවට විරෝධය පළ කිරීම නිසා මෙතෙක් පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකිව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අප කළ විමසමකදී පැවසීය.

” අපේ නායකයාටත් පිස්සු…ඔහොම තමයි. මුලදි මේ සාකච්ඡා සඳහා එකඟ වුණේ ඔහුයි.පසුව ඔහුම බෑ කියනවා. ඔහුගේ ඔළුවේ අගමැති. ජනාධිපති. සිහින තියෙනවා. ඒවා ඉස්සරහට දාගෙන මේ ගමන යන්න බෑ. අපි පොදු තීරණයකට පැමිණිය යුතුයි. එහෙම නැතුව කවදාවත් අගමැති ජනාධිපති සිහින සැබෑ කරගන්නට සජිත්ට හැකිවන්නේ නැහැ. ඉතින් මේක අපි කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ. ඒක තමයි කරුමේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රනිල් -සජිත් එකතු වුණා නම් අද ජනාධිපති රනිල් අගමැති සජිත් එදත් අපේ නායකයා මේක තේරුම් ගත්තේ නැහැ.

අද සජිත් නායකතුමා පක්ෂයේ හයක් හතරක් නොතේරෙන කිහිප දෙනෙක්ගේ සිරකරුවෙක් බවට පත්වෙලා ඔහුගේ සිහින සැබෑවෙන්න නම් එතනින් මිදෙන්න ඕන ඒක සිදු වෙන පාටක් පෙනෙන්නට නැහැ.
අද පාක්ෂිකයන් අසරණ වෙලාවේ පළාත් පාලන මැතිවරණයේදී සියලු දෙනාම කියන්නේ උඹලා එකතු වෙයල්ලා කියලා එකතුවක් සඳහා නායකත්වය ගෙන කටයුතු කළ අයට අද මඩ ගහනවා. ඒවා නතර කළ යුතුයි.”

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු බවට මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ

“සාකච්ඡා ඉතා සාර්ථකව පැවැත්වුණා. දැන් තියෙන්නේ නායකයන් දෙදෙනා එක්ව තීරණයක් ගැනීමයි. නමුත් දැන් තියෙන තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා වැඩි කැමැත්තක් නැති බව පේනවා. ඔහු හැම දෙයක්ම ඉල්ලනවා. එහෙම නෙවෙයි. අද කටයුතු කළ යුත්තේ ප්‍රධාන අභියෝගය ජයගැනීම සඳහායි.

දෙපැත්තෙම කඩාකප්පල් කාරයින් සිටිය හැකියි. ඒ වට හසු නොවී පාක්ෂිකයන් වෙනුවෙන් සියලු වාද භේද පසෙකලා එක්විය යුතුයි. නැතිනම් අපි දිගොල්ලම ඉවරයි.”

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනවල වේගය අතර පැවැත්වෙනන සාකච්ඡා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වෙමින් එම වැඩපිළිවෙල දැඩි විවේචනයට ලක් කර තිබේ.

Previous articleකීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
Next articleඉන්ධන පිරවුම්හල් රෑ 8.00 වෙද්දී වහනවා – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here