Home අද ඉන්ධන පිරවුම්හල් රෑ 8.00 වෙද්දී වහනවා – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඉන්ධන පිරවුම්හල් රෑ 8.00 වෙද්දී වහනවා – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

42
0

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මෙතෙක් ගෙවනු ලැබූ සියයට තුනක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්‌වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම් අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රටපුරා සියලු ඉන්ධන පිරවුම්හල් රාත්‍රී 08 ට වසා දැමීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

රටේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉන්ධන පිරවුම් හල් පැය 24 පුරාවටම විවෘතව තැබුවද මින් ඉදිරියට ඒ සියලු පිරවුම්හල් රාත්‍රී 08 වසා දමන බව බෙදුම් කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය.

ඉන්ධන ප්‍රමාණවත් පරිදි තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කලත් සඳුදා දිනයට ඉන්ධන තොග ඇනවුම් කර නැති බව පවසන ඒ මහතා ආණ්ඩුව තම ස්ථාවරය වෙනස් නොකළොත් මෙම ගැටළුව දැඩි අර්බුදයක් දක්වා තීර්ව විය හැකි බවට අනතුරු අඟවා සිටියේය.

Previous articleසජිත් පක්ෂයේ හයක් හතරක් නොතේරෙන කිහිපදෙනෙක්ගේ සිරකරුවෙක් වෙලා – සජබ අභ්‍යන්තරය දෙදරයි
Next articleජනපති මැතිඳුගේ ප්‍රාර්ථනය ඉටුවෙයි : සිරි දළදා දැක්මට දින නියමවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here