පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14 කට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් අමාත්‍යවරයා පවසයි.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයි කී අමාත්‍යවරයා, රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේබව පැවසුවේ ජනාධිපති, අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීය.