මේජර් නිලයට පහළින් සිටින සියලූම යුද හමුදා සාමාජිකයන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය අදාළ රෙජිමේන්තුව වෙත භාරදෙන ලෙස දැනුම් දීමක් කර ඇත.
පරිපාලනමය අවශ්‍යතාවයක් මත මෙම තීරණය ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගර්ඩිය වරුණ ගමගේ මහතා පවසා තිබේ.
විදේශ පුහුණුවීම් සහ රාජකාරී කටයුතුවලදී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල දැඩි ප්‍රමාදයන් සිදුව තිබෙන බවත් එවැනි කටයුතු මේ පියවර මගින් වලක්වා ගත හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
තම රෙජිමේන්තු වෙත මෙලෙස භාරදෙන විදේශ ගමන් බලපත්‍ර ඕනෑම අවස්ථාවකදී පුද්ගලික අවශ්‍යතා සඳහා අදාළ රෙජිමේන්තුවෙන් ලබා ගැනීමේ හැකියාව ද සලසා දී ඇත.