සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර ඇතුළත් ආහාර පැකේජයක් (සහන මල්ලක්) ලබාදීමට රජය ගත් තීරණය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.
මෙම ආහාර සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්ට සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්ට ලිඛිතව දැනුම් දී තිබේ.
රුපියල් 5000 වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 2500කට ලබාදීමට රජය සැලසුම් කර තිබිණි .
මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර මල්ල අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම් පත් ඉදිරිපත් කර ඇති අට ලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුන් දෙනෙක් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් 01 වැනිදා සිට 13 වැනිදා දක්වා ලංකා සතොස සහ කෝප් අලවිසැල් හරහා බෙදා දීමට සැලසුම් කර තිබිණි