2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු. බිලියන 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රු. බි 484.9ක මුදලක් වෙන්කර තිබෙන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 412.9ක් වෙන් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත රු. බිලියන 382ක ප්‍රමාණයක් වෙන්කර ඇති අතර අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රු. බිලියන 206ක මුදලක් වෙන් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා රු බි 83.8ක මුදල් වෙන්කර ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා රු. බිලියන 19 ක් වෙන්කර තිබේ.
සම්පූර්ණ විසර්ජන පනත් කෙටුම්පත පහතින්.