Home අද සිංහ – කැන්ගරු සටනේ තරග කාලසටහන එළිදකී!

සිංහ – කැන්ගරු සටනේ තරග කාලසටහන එළිදකී!

135
0

සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (01) එම කාලසටහන එළිදක්වනු ලැබූ අතර ඊට අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට ආරම්භ වේ. එය පෙබරවාරි මස 02 වැනි දින තෙක් පැවැත්වෙන අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 සිට 10 දක්වා පැවැත්වේ.

මීට අමතර ව දෙරට අතර එක් එක්දින තරගයක් ද හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එය පෙබරවාරි මස 13 වැනි දින පැවැත්වෙයි.

Previous articleනාමල් කුමාර අත්අඩංගුවට
Next articleප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ සමාගමේ හිමිකරු අංගොඩ යවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here