Home අද හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

43
0

දෝෂාභියෝගයෙන් ජනාධිපති ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, හිටපු ජනාධිපතිවරයා අධිකරණය මගහැරීමේ චෝදනාව මත ය.

රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර තිබේ

Previous articleදිනපතා ව්‍යායාම් කිරීම සියලු පොලිස් නිලධාරීන්ට අනිවාර්යය වෙයි
Next articleහර්ෂණට ආචාර්ය පට්ටමක් දැම්මට තවත් පාර්ලිමේන්තු ලොක්කෝ 03 ක් CID යට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here