Site icon Newshub

හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

දෝෂාභියෝගයෙන් ජනාධිපති ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, හිටපු ජනාධිපතිවරයා අධිකරණය මගහැරීමේ චෝදනාව මත ය.

රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර තිබේ

Exit mobile version