Home අද බාල ඖෂධ නෑ කියූ SPC සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි !

බාල ඖෂධ නෑ කියූ SPC සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි !

693
0

බාල ඖෂධ නැතැයි රාජ්‍ය ඹෘෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කරන අසත්‍ය ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් එබැවින් ඔහු බාල ඖෂධ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් ඇති පර්යේෂණ පත්‍රිකා කියවා බලා විෂය අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගැන ඉල්ලා අස්විය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්කැල්ල කාලයේදී පත්කළ නිලධාරීන් සමග වර්තමාන සෞඛ්‍ය පද්ධතියට ගමන් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජාතික මහතා අවබෝධ කරගත යුතු බවද ඔහු එහිදී පැවසීය.

මින් ඉදිරියට සෞඛ්‍ය පද්ධතිය සිදුවන බාල ඖෂධ වාර්තා වීම් හෝ මිනිස් ජීවිත හානි වලට වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සියලු නිලධාරීන් සෘජුව වගකිව යුතු බැවින් අමාත්‍යාංශය තුළ කඩිනමින් ප්‍රතිසංවිධාන විය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කළේය .

Previous articleආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් අරඹලා – වෘත්තිය සමිති නායකයන්ට ස්ථාන මාරු – පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයෙන් චෝදනා
Next articleඇමති හඳුන්ට නිදහසේ කතා කරන්න අවශ්‍යයි කියා මාධ්‍යවේදීන්ව දොට්ට දාලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here