මැයි මස 06 දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (24දා) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 24, 25, 28 සහ 29 යන දින හතර තුළ සිදුකිරීම සිදුවේ.
මෙවර ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දදායකයන් හයලක්ෂ හතළිස් අටදහස් හාරසිය අනූපහක් (648,495) සුදුසුකම් ලබා තිබේ.
මේ මස 24 හා 25 යන දිනවල සලකුණු කරනු ලබන තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ඡන්දය සලකුණු කල දිනම තැපෑලට භාර දෙන අතර, 28 හා 29 යන දිනවල සලකුණු කරනු ලබන තැපැල් ඡන්ද පැකට්ටු එම දිනවල සහතික කිරීමේ නිලධාරියාගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලට අතින් ගෙනවිත් භාර දීමට නියමිතව තිබේ.
තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය භාවිත කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.