සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සහ පෙළපාළිය දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක්ව තලවකැලේ නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධා ක්‍රිෂ්ණන් පවසයි.
මැයි දින රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය සාමාජිකයන් සමග හැටන් නගරයේ පිහිටි කඳුරට ජනතා පෙරමුණේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මැයි දින රැලිය සහ පෙළපාළිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයේ නායකයන් සහ සාමාජිකයන් විශාල පිරිසක් ද එම රැලියට සහභාගි වන බවත් සඳහන් කරන රාධා ක්‍රිෂ්ණන් මහතා, රැලිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේත් පෙළපාළිය තලවකැලේ නගරයේත් පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.