Home අද ඩෑන්ගේ ඝාතනයට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

ඩෑන්ගේ ඝාතනයට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

136
0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ පැවති සාදයකට සහභාගිව සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඝාතනය සිදුකර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව උසස් පොලිසිය ආධාරියෙක් පැවසීය.

එම ඝාතනය කුමන හේතුවක් නිසා සිදු වූයේද යන්න තවම අනාවරණය කරගැනීමට නොහැකි වූ බවත් ඒ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ දියත් කර තිබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleතැපැල් ඡන්දය හෙට ආරම්භ වෙයි !
Next articleඇමරිකාව විසින් පැන වූ තීරුබදු පිළිබඳව චීනයෙන් නිවේදනයක් (නිවේදනය සහිතයි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here