හිටපු ඇමතිවරු පස්දෙනෙකුට එරෙහිව ඉදිරිපත්ව ඇති බරපතළ මූල්‍ය වංචා සහ මිනී මැරුම් චෝදනා කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීමට රජය පියවර ගෙන ඇත.
මේ වන විට ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු පදනම් කරගෙන ඇමතිවරු පස්දෙනා සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
පසුගිය රජයේ ඇමතිවරු ගණනාවකට එරෙහිව පැමිණිලි රැසක් ලැබී තිබෙන බව පවසන එම නිලධාරියා ඔවුන් අතරින් පස් දෙනකුගේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් ලැබී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වූ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු යළි පැවරීමටද කටයුතු කරමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.