Home අද රිලා සටන : ලාල්ගේ සහයට SB එයි !

රිලා සටන : ලාල්ගේ සහයට SB එයි !

45
0

වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ අදහසට තමන් සම්පූර්ණයෙන් එකඟ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

රිලවුන් වඳුරන් සතුන් වැඩිපුර සිටින ප්‍රමාණය වාර්ෂිකව ඝාතනය කිරීම කළ යුතු දෙයක් බවද හිටපු අමාත්‍යවරයා පෙන්වාදෙයි .

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර සතුන් මරා දැමීම සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධතා දැක්වුවද ඒවා ගණන් ගත යුතු නැති බවද සඳහන් කළේය .

යාපනය ප්‍රදේශයේ අවුරුදු පතා පෝනියන් මරා දමන බවත්, රට පුරාම වසරකට වතාවක් ආයාලේ යන සුනඛයන්ද මරා දමන බවත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පෙන්වා දුන්නේ ය.

කෙසේ නමුත් වල් අලි ගැටලුව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් ආකාරයෙන් ක්‍රියා කළ යුතු බවත් ලංකාවේම අලි සිටින්නේ සීමිත ප්‍රමාණයක් නිසා අලි වැට ශක්තිමත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග සඳහා රජය යොමු විය යුතු බවද ඔහු පැවසීය .

පරිසරවේදීන් දෙස පමණක් බලා කටයුතු කිරීමට ගියහොත් කෘෂි කර්මාන්තය හා මෙරට ජනතාව ආරක්ෂා කරගැනීමට නොහැකිවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය .

Previous articleඒකාබද්ධ ප්‍රකාශයේ නැති දේවල් මෝදි කිව්වා – විදේශ ඇමති විජිත කියයි !
Next articleමම ඡන්දය දුන්නේ මාලිමාවට. ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් අතවරයක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here