Home අද ඉන්දු – ලංකා ආරක්‍ෂක ගිවිසුමේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඉන්දියාවේ එකඟතාව ලැබිය යුතුයි-...

ඉන්දු – ලංකා ආරක්‍ෂක ගිවිසුමේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඉන්දියාවේ එකඟතාව ලැබිය යුතුයි- නලින්ද ඇමති ප්‍රසිද්ධියේ කියයි !

342
0

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයට සමගාමීව අත්සන් තැබුණු ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊට යම් කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී ප්‍රශ්නය වූයේ, ඉන්දු- ලංකා ආරක්‍ෂක ගිවිසුම අනුව චීන පර්‍යේෂණ නෞකාවට ලංකාවට පැමිණීමට නොහැකිද යන්නය. නමුත් ඒ ප්‍රශ්නයට අමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත. නමුත් ඔහු අවධාරණය කර සිටියේ ඉන්දියාව සමඟ ලංකාව ගිවිසුම් 1ක් නොව 7ක් අත්සන් කළ බවත් ඒවා අවබෝධතා ගිවිසුම් පමණක් බවත් ය.

කෙසේවෙතත් මීට පෙර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා තිබුණේ අදාළ ගිවිසුම් ලබාගැනීම සඳහා නියමිත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම් කරන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණේ මෙකී ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බවයි.

Previous articleජනපති අවුරුදු SMS එක එවපු නැති නිසා රටට ලක්ෂ 980ක් ඉතුරුයි- කොට්ටහච්චි
Next articleහෙට දිනයේ දළදා ප්‍රදර්ශනයට එන්න එපා – පොලිසියෙන් ඉල්ලිමක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here