එට්කා ගිවිසුමට දැඩි ලෙස දෝෂාරෝපණය කළ වත්මන් ආණ්ඩුව දැන් ඒවාට මල් තියා වදින බව පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර පවසනවා.
ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එහිදී නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.
ඔබ ලා පාස්කු ප්රහාරය ගැන ඉන්දියාවට ඇඟිල්ල දිගු කළා. ඒක නිසා ජනපති මුලින්ම කළ යුත්තේ ඉන්දියාවට ගිහින් මේ ප්රකාශ ඉල්ලා අස්කර ගැනීමයි.දැන් ඔබතුමාලා එට්කා ගිවිසුමටත් අත ඔසවලා ආවා.
ඔබතුමාලා ඉස්සර නම් රටේ හොඳම වචන වලින් මේවට බැන්නා. දැන් ඒවට මල් තියලා වඳිනවා. ඉන්ධන බෙදා හදාගන්න බට ලයින් දාන්න එකඟ වී තිබෙනවා.පසුගිය කාලේ මේ රටේ ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදේ
වයින් ස්ටෝස් ගැන කතා කළා. පාර්ලිමේන්තු මන්ත්රීවරු සම්බන්ධ බව බෙර ගහලා කිව්වා.මේක සභාගත කලාම දේශපාලකයන්ගේ නම් නෑ.මාසයක් ගියා.මේ වයින් ස්ටෝස් බලපත් අහෝසි කළාද?අපේ පැත්තේ හරි කමක් නෑ නම් තියෙනවනම් කියන්න.ඔබතුමාලා ලබා ගත් ජන මතයට ගෞරව වෙන විදියට වැඩකරන්න.