වැවිලි ප්‍රජා හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විනාඩි එකහමාරක වීඩියෝ වෙළඳ දැන්වීමක් සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 1740 ක මුදලක් වැය කර ඇති බවට ඒ සම්බන්ධව සිදුකළ විගණනයකින් හෙළි වී ඇත.
මෙවැනි විශාල පිරිවැයක් දරා සකස් කළ මෙම වෙළෙඳ දැන්වීම.මෙතෙක් කිසිදු නාලිකාවක විකාශනය කර නැති බව අනාවරණය කරගෙන තිබේ.
මෙම මුදල් වැය කළ ආකාරය සහ ඒවා ලබාදී ඇති පාර්ශ්ව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර සියලු තොරතුරු හෙළිකර ගැනීමට පියවර ගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය .
මෙවැනි විශාල මුදලක් වැය කරමින් සකස් කරන ලද වෙළඳ දැන්වීම කිසිදු නාලිකාවක විකාශනය නොකර වසර දෙකක් පුරා එය සඟවා තබා ගැනීම සහ වෙළඳ දැන්වීම නිර්මාණය කිරීම වෙනුවෙන් මුදල් ගෙවා ඇති ආයතන ආදී සියලු කරුණු පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කර සියලු තොරතුරු රටට හෙළිකරන බව සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.