Home අද රනිල්, සජිත්, මහින්ද නැති නව දේශපාලන සන්ධානයක් : පක්ෂ කිහිපයක තරුණ ක්‍රියාකාරීන්...

රනිල්, සජිත්, මහින්ද නැති නව දේශපාලන සන්ධානයක් : පක්ෂ කිහිපයක තරුණ ක්‍රියාකාරීන් එක්වෙයි

549
0

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැති නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට දේශපාලන පක්ෂ කිහිපයක තරුණ ක්‍රියාකාරීන් මේ වන විට අලුත් කතිකාවක් ආරම්භ කර විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරන්නේ තරුණ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ මග පෙන්වීම යටතේ ගොඩනැගීමට අපේක්ෂිත සන්ධානයට එක්වීම සඳහා මේ වන විට තරුණ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එකඟතාවය පළ කර ඇති බවයි.

තවත් වසර පහක කාලයක් තුල රටේ පාලන බලය ලබා ගැනීම ඉලක්ක කරගෙන ගොඩනැගෙන නව සන්ධානයේ සියලු කටයුතු තීරණය කරනු ලබන්නේ තරුණ නායකයන්ගෙන් සැදුම්ලත් නායකත්ව මණ්ඩලයක් විසින් බව අනාවරණය වේ.

පසුගිය මැතිවරණ වලට දුරකථනය ලාංඡනයෙන් තරග වැදුන සමගි ජන බලවේගය, නව ප්‍රචාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක තරුණ ක්‍රියාකාරීන් නව සන්නානය ගොඩනැගීමේ මූලික වැඩකටයුතු වල නිරතව සිටින බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.

යෝජිත නව සන්ධානය ගොඩනැගීම සඳහා මේ වන විට මූලික සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇත.

මීළඟ ජාතික මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනඟන මෙම සන්ධානයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්තුරු නායකත්වය දෙන දේශපාලන පක්ෂවල බහුතර තරුණ තරුණියන් පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරට තහවුරු කරයි.

Previous articleශානිගේ FR කේස් එක ගැන නීතිපති ගත්ත තීන්දුව මෙන්න !
Next articleපාර්ලිමේන්තු වරප්‍රසාද කිසිවක් මෙතෙක් කප්පාදු කර නෑ – පාර්ලිමේන්තු මහලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here