Home අද ශානිගේ FR කේස් එක ගැන නීතිපති ගත්ත තීන්දුව මෙන්න !

ශානිගේ FR කේස් එක ගැන නීතිපති ගත්ත තීන්දුව මෙන්න !

33
0

තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ආරක්ෂ අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අදාල පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.

එහිදී විනිසුරු මඩුල්ල එම වගඋත්තරකරුවන්ට පෙන්වා දුන්නේ ඔවුනට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තැබුණි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Previous articleඅනුරට TNA සහාය : නාවික හමුදා අත්කරගත් ඉඩම් නිදහස් කරන්නත් යෝජනාවක් !
Next articleරනිල්, සජිත්, මහින්ද නැති නව දේශපාලන සන්ධානයක් : පක්ෂ කිහිපයක තරුණ ක්‍රියාකාරීන් එක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here