Home අද ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

159
0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය   ඊයේ (26) වැනි දින පස්වරු වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය. උතුරු, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous articleවේයන්ගොඩ නිධානය හාරන්න අධිකරණ නියෝගයක් නෑ – මහේස්ත්‍රාත් : කැනීම් කළේ අධිකරණ නියෝගයක් මත – ඇමති නලින්ද
Next articleමාලිමා ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here