අප්‍රේල් මාසයේ තමන්ගේ වැටුප වැඩි වී තිබෙන බව තමන්ට උදෑසනම ලැබුන කෙටි පණිවුඩයෙන් දන ගන්නට ලැබුන බව ලියනගේ අමරකීර්ති මහතා ඉතාමත් සතුටින් කෑ ගසමින් කියා සිටියා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ ජනපති අනුර කුමාර දිසානායක ද සහභාගී වූ මහජන රැළියක් අමතමින්
ජාතික ජන බලවේගය යනු මේ රට පරිවර්තනය කරනු ලබන දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බවත් පුනරුද යුගයකට මේ වනවිටත් අඩිතාලම දමා අවසන් බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
තමන්ගේ වැටුප වැඩි වුන බව දැනගත් විට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් තමන්ට සිහි වූ බවත් ඔවුන් තම වෘත්තිය තුළ නිරත වූවානම් අද ඔවුන්ගේ වැටුපත් වැඩිවන බවත් ඒ සියල්ල ඔවුන් කැපකරමින් ජනතාව වෙනුවෙන් වෙහෙස වන බවද ලියනගේ අමරකීර්ති මහතා මෙහිදී කියා සිටියා.