අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (10) දහවල් මෙම අනතුර සිදුව ඇති ඉව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයන්ගෙන් නියමුවා හැර සෙසු 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිරිසක් බවත් මියගිය අය අතර ළමුන් තිදෙනෙක්ද සිටින බව එරට බලධාරින් පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.