හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ රොෂාන් රණසිංහ යන මහත්වරු අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ ඔහු ඇමතිවරයාව සිටියදී ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ ඔහු ඇමතිවරයාව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවත් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
හිටපු ඇමතිවරු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීම තවමත් සිදුවන බව (දහවල් 12.10 ) අප කළ විමසුමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය