Home අද ලොවක් බලා සිටි සටනෙන් 27 හැවිරිදි තරුණයා 58 සීයාව පරාදයි

ලොවක් බලා සිටි සටනෙන් 27 හැවිරිදි තරුණයා 58 සීයාව පරාදයි

13
0

ජේක් පෝල් සහ මයික් ටයිසන්ට අතර අද (16) පැවති බොක්සිං තරගාවලියෙන් ජය ලැබීමට ජේක් පෝල් සමත් වුණා.

මෙම තරගය හොටන්ස්ට්‍රෝන් මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

මයික් ටයිසන් 2005 දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර ඉන් පසුව සහභාගී වූ පළමු තරගය මෙය වීමත් විශේෂත්වයක්.

ජාත්‍යන්තර තරග රැසකින් ජයග්‍රාහණය ලැබූ මයික් ටයිසන් ලෝක ශූරයෙකු ලෙස හඳුන්වන අතර ඔහු මේ වන විට 58 හැවිරිදි වියේ පසුවෙනවා.

ජේක් පෝල් මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන අතර දෙදෙනා අතර වයස 31ක විශාල පරතරයක් ඇති සටනක් හෙයින් මෙය “පරම්පරාවන් අතර සටනක්” ලෙසයි සැලකෙන්නේ.

මයික් ටයිසන්, බොක්සින් ක්‍රීඩාවේ අභිමානයක් බවට පත් වූ කාලාන්තාරයක් ගත කළ ක්‍රීඩකයෙකු වන අතර, ඔහුගේ 58 වැනි වියේදීත් තරුණ සටන්කාමීන්ට ආභාෂයක් ලබා දී තිබෙනවා.

ඔහු 2023 ජූලි මාසයේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සටන කල්දමා තිබූ අතර ඉන් සම්පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙම තරගයට සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අතර, 27 හැවිරිදි ජේක් පෝල්, සමාජ මාධ්‍යයෙන් පැන නැගුණු අයෙකු ලෙස, බොක්සින් ක්‍රීඩාවේ පරම්පරාවන්ට අභියෝග කළ පෞරාණික ක්‍රීඩාවකට නව ආකාරයක ආකර්ෂණයක් එක් කළාය. ඔහුගේ ක්‍රියාකාරිත්වය අභියෝගකාරී වුවත්, විශේෂයෙන් තරුණ ප්‍රේක්ෂකයින්ගේ අකර්ෂණය දිනාගෙන ඇති බව පෙනේ.

Previous articleකිරිකෝඩු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්
Next articleපුනරුදයට යන ගමනේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here