Home අද ලොහාන් රත්වත්තේව බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රෝහලට

ලොහාන් රත්වත්තේව බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රෝහලට

36
0

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පසුගියදා බන්ධනාගාර ගත කරන ලද ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

අක්මාව, පෙනහලු සහ අන්‍යාසය ආශ්‍රිත රෝගී තත්ත්වයන් වලින් පසු වූ රාජ්‍ය අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත
ඉදිරිපත් කළ යුතු බවට බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර තිබිණි.

ඒ අනුව අද 03 වැනිදා දහවල් විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ජාතික රෝහලට ඇතුළත් කළ ලොහාන් මටත් ඔයා ගන්නවා. මං ගන්න වෙනත් කිසිදු රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලබානොදෙන ආරක්ෂාවක් ලබා දී තිබිණි ඒ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ ලොහාන් රත්වත්තේ මහතා හිටපු බන්ධනාගාර අමාත්‍යවරයෙක් බැවින් ඔහුට එවැනි ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.

Previous articleරේගු ගුදම් තුළ එකලස් කර වෙළඳපොළට නිකුත් කළ වාහන වලින් රජයට රුපියල් කෝටි 10ක පාඩුවක්
Next articleශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව දිනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here