Home අද දකුණේ ආරක්‍ෂිත කලාප වල පාරවල් විවෘත කරන ආණ්ඩුවට උතුරේ වහලා තියෙන පාරවල්...

දකුණේ ආරක්‍ෂිත කලාප වල පාරවල් විවෘත කරන ආණ්ඩුවට උතුරේ වහලා තියෙන පාරවල් විවෘත කරන්න බැරි ඇයි? – සුමන්තිරන්

185
0

උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපවල දිගු කාලයක සිට වසා දමා ඇති මාර්ග විවෘත නොකිරීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතා වලට මුහුණ පා සිටින බැවින් එම මාර්ග වහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තරන් මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

දකුණේ අධිආරක්ෂිත කලාප වල වසා දමා තිබූ මාර්ග විවෘත කරමින් දකුණේ ජනතාව සතුටු කිරීමට කටයුතු කරන ආණ්ඩුව උතුරේ ජනතාව වෙනුවෙන් එවැනි පියවරක් නොගන්නේ මන්දැයි සුමන්තරෙන් මහතා ප්‍රශ්න කරයි

උතුරේ අධි ආරක්ෂිත කලාප වල වසා දමා තිබෙන මාර්ග යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති සුමන්තිරන් මහතා මේ පිළිබඳව සිය අවධානය යොමු කරන බවට පොරොන්දු වී තිබේ.

යාපනය, වලිකමම්, අච්චුවේලි වැනි උතුරේ ප්‍රදේශ රැසක මාර්ග වසා දමා තිබෙන බවත් එළඹෙන මහා මැතිවරණයට පෙර එම මාර්ග යළි විවෘත කිරීම සම්බන්ධයෙන් රජය පියවරක් ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Previous articleIIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව
Next articleදේශපාලන හා ඥාති හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවයට යැවූ දාසයක් වහාම මෙරටට කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here