මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවදුරටත් රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙනි.
ඒ අනුව ඔහු එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතයි. එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට (කෝටි 45ක) සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවන බවට තොරතුරු වාර්තා වෙයි.
මීට අමතරව MS Dhoni, Ruturaj Gaikwad, Ravindra Jadeja සහ Shivam Dube යන ක්‍රීඩකයින්ද නිත්‍ය සාමාජිකයින් ලෙස රදවා තබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කළමණාකාරීත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි